රන්ජන්ගේ නිල නිවස ආපසු ගන්න යයි

සිර දඩුවම් ලබමින් සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතාගේ බඩුබාහිරාදිය මාදිවෙල මන්ත්‍රී නිල නිවාස සංකීර්ණයෙන් ලබන සතියේදී ඉවත් කරගැනීමට සිදුවනු ඇති බව වාර්තාවේ.
නිවසක් සොයාගන්නා තෙක් රන්ජන් රාමනායක මහතාගේ බඩුබාහිරාදිය මාදිවෙල පිහිටි මන්ත්‍රී නිල නිවාස සංකීර්ණයේ ඔහුට කලින් හිමිව තිබූ නිවසේ තබා ගැනීමට අවසර දෙන්නැයි ඔහුගේ නීතිඥවරයා බන්ධනාගාර කළමනාකරණ සහ සිරකරුවන් පුනරුත්ථාපනය කිරීම පිළිබඳ අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතාගෙන් මෙයට ඉහතදී ඉල්ලීමක් කර තිබුණි.
ඒ අනුව රත්වත්තේ මහතා කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා සමඟ සාකච්ඡා කිරීමෙන් පසු ඒ සඳහා මාස තුනක සහන කාලයක් සානුකම්පිත හේතු මත ලබාදී තිබුණි.
එම මාස තුනක සහන කාලය ලබන 20 වනදාට අවසන් බව පාර්ලිමේන්තු නිලධාරීහු පවසති.
මේ සම්බන්ධයෙන් සිදු කල විමසීමකදී පාර්ලිමේන්තු මන්ත්‍රී සේවා අංශයේ නිලධාරියෙක් සඳහන් කළේ මේ කාරණය සම්බන්ධයෙන් කතානායකවරයා සමඟ ඉදිරි දිනවලදී සාකච්ඡා කර කිසියම් පියවරක් ගන්නා බවයි.
988 Views
Comments