රජයේ වෛද්‍ය නිලධාරීන් සහ සංවර්ධන නිලධාරිනුත් වැඩ වර්ජනයකට සැරසෙයි
විදේශගත ඔබට
Latest_News
calendar
JUL
07

රජයේ වෛද්‍ය නිලධාරීන් සහ සංවර්ධන නිලධාරිනුත් වැඩ වර්ජනයකට සැරසෙයි

රජයේ වෛද්‍ය නිලධාරීන් සහ සංවර්ධන නිලධාරිනුත් වැඩ වර්ජනයකට සැරසෙයි

වෘත්තීය සමිති දාහතරක් ඒකාබද්ධව ආරම්භ කර තිබූ සෞඛ්‍ය වැඩ වර්ජනය ඊයේ අවසන් වත්දීම තවත් වැඩවර්ජනයක් ආරම්භ වන ලකුණු මතුවෙමින් තිබෙනවා.

 

මේ වන විටත් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ඉදිරියේදී වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයකට යොමු වන බව නිවේදනයකින් දැනුම් දී තිබේ.

 

ඔවුන් පවසන්නේ ජාතික වැටුප් ප්‍රතිපත්තියට හෝ පිළිගත් ක්‍රමවේදයන්ට ගරු නොකරමින් වෘත්තීය සමිති ඉල්ලීම් සෘජුවම කැබිනට් අනුමැතිය හරහා ලබාගැනීමට ක්‍රියා කිරීමෙන් සමස්ත රාජ්‍ය සේවයම අර්බුදකාරී තත්ත්වයකට ඇද වැටෙන බවයි.

 

මීට අමතරව සංවර්ධන නිලධාරී සේවා සංගමය ද ඉදිරියේදී වැඩවර්ජනයකට එළඹෙන බව නිවේදනය කර තිබේ.

 

ඔවුන් මෙලෙස වැඩවර්ජනයක නිරතවන්නේ සිය වැටුප් ඉහළ දැමීම, හිඟ වැටුප් ලබාදීම, උසස්වීම් ක්‍රමවේදය වෙනස් කිරීම, අභ්‍යාසලාභී පුහුණු දීමනාව රුපියල් තිස් දාහක් දක්වා ඉහළ දැමීම යන ඉල්ලීම් පදනම් කරගෙනය.

views

775 Views

Comments

arrow-up