දුම්රිය රියදුරන් වර්ජනයක
විදේශගත ඔබට
Latest_News
calendar
JUN
30

දුම්රිය රියදුරන් වර්ජනයක

දුම්රිය රියදුරන් වර්ජනයක

අද(30) උදෑසන 08.00 සිට එක්දින වැඩ වර්ජනයක නිරතවීමට තීරණය කල බව දුම්රිය එන්ජින් රියදුරන්ගේ සංගමය පවසයි.

 

එහි ලේකම් ඉන්දික දොඩම්ගොඩ මහතා ප්‍රකාශකලේ,  දුම්රිය ප්‍රවේශපත්‍ර විද්‍යුත් ක්‍රමයකට නිකුත් කිරීමට අදාළ ව්‍යාපෘතියක් විදෙස් සමාගමකට ලබාදීමට විරෝධය දක්වමින් එම වෘත්තිය සමිති ක්‍රියාමාර්ගය ආරම්භකරන බවයි.

 

මේ පිළිබඳ සාකච්ඡා කිහිපයක් සිදුකළත් ඒ සඳහා නිසි පිළිතුරක් නොලැබීම හේතුවෙන් මෙම වෘත්තීය ක්‍රියාමාර්ගයගත් බවද ඒ මහතා වැඩිදුරටත් පැවසා සිටියා.

 

දුම්රිය ධාවනය අඬාලවීමෙන් දුම්රිය මගීන්ට සිදුවන අපහසුතාවය පිළිබඳ කණගාටුව පලකර සිටින බවද ඒ මහතා වැඩිදුරටත් සඳහන් කලා.

 

වර්ජනය පිළිබඳ වැඩිදුර අදහස් දැක්වු ඉන්දික දොඩම්ගොඩ මහතා,

 

“පසුගිය මාස කිහිපයක සිටම ජනාධිපතිවරයා ඇතුළු රජයේ ඉහළ බලධාරීන්ට වගේම දුම්රිය දෙපාර්තමේන්තුව සහ ප්‍රවාහන අමාත්‍යාංශ මට්ටමින් අපි දිගින් දිගටම දැනුවත් කිරීම් කළා කොළඹ තදාසන්න ව්‍යාපෘති කාර්යාලය නමින් පිහිටුවා ගත්ත ආයතනයක් තියෙනවා.

මේකෙන් මේ වෙන කොට විශාල මුල්‍යමය වංචාවන් ගන්නාවක් සිදුකරලා තියෙනවා.

ආසියානු සංවර්ධන බැංකුව ණය අරගෙන ව්‍යාපෘතිවල සක්‍යතා අධ්‍යයන කරන්න කියලා ඩොලර් මිලියන 28ක් විතර මේ වෙන කොට වියදම් කරලා.

මේකට අවසාන වශයෙන් අපට මැදිහත් වෙන්න තියෙන්නේ මේ වෘත්තීය ක්‍රියාමාර්ගයට අවතීර්ණ වෙලා.“

views

819 Views

Comments

arrow-up