බාලවයස්කාර මන්දමානසික දැරියට ලිංගික අතවර කළ 53 හැවිරිදි පුද්ගලයා අත්අඩංගුවට
විදේශගත ඔබට
Latest_News
calendar
JUN
30

බාලවයස්කාර මන්දමානසික දැරියට ලිංගික අතවර කළ 53 හැවිරිදි පුද්ගලයා අත්අඩංගුවට

බාලවයස්කාර මන්දමානසික දැරියට ලිංගික අතවර කළ 53 හැවිරිදි පුද්ගලයා අත්අඩංගුවට

දස හැවිරිදි මන්දමානසික දැරියකට ලිංගික අතවර කල 53 හැවිරිදි පුද්ගලයකු ඇතිමලේ පොලිසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා. 

 

මෙසේ අතවරයට ලක්ව ඇත්තේ ඇතිමලේ පොලිස් වසමේ තෝරඅතුපිටිය-සිරිපුර පදිංචි බුද්ධිමය දුබලතා සහිත දැරියක්


 
අපරාධකරුගේ නිවසට අතවරයට ලක්වූ දැරිය පැමිණි අවස්ථාවේදී ලිංගික අතවර සිදුකර ඇති බව මූලික පරීක්ෂණවලදී අනාවරණයවී තිබෙනවා.


 
සැකකරු පොලිස් අත්අඩංගුවට පත්ව ඇති අතර අතවරයට ලක්වූ දැරිය වෛද්‍ය පරීක්ෂණයක් සඳහා මොණරාගල දිස්ත‍්‍රික් මහ රෝහලේ අධිකරණ වෛද්‍ය ඒකකයට යොමුකිරීමට පියවර ගත් බවයි වාර්තාවන්නේ.


 
ඇතිමලේ පොලිස් ස්ථානාධිපති නිලන්ත බුලත්සිංහල මහතා වැඩිදුර පරීක්ෂණ පවත්වනවා.

views

4102 Views

Comments

arrow-up