බන්ධනාගාර බස් රථයට යටවීමෙන් පුද්ගලයෙක් මරුට
විදේශගත ඔබට
Latest_News
calendar
JUL
07

බන්ධනාගාර බස් රථයට යටවීමෙන් පුද්ගලයෙක් මරුට

බන්ධනාගාර බස් රථයට යටවීමෙන් පුද්ගලයෙක් මරුට

ඊයේ(06) දහවල් 2.45ට පමණ මඩකලපුව - ත්‍රිකුණාමල මාර්ගයේ කරුවන්කේණි හන්දිය අසලදී බන්ධනාගාර බස් රථයක පාපැදියක් ගැටී සිදුවූ අනතුරකින් පාපැදිකරු බරපතළ තුවාල ලබා රෝහල්ගත කිරීමේදී මියගොස් තිබේ.

 

වාලච්චේන දෙස සිට මඩකලපුව දෙසට ධාවනය වූ මඩකලපුව බන්ධනාගාරයට අයත් බස් රථයක් එම දෙසටම ගමන් කළ පාපැදියක ගැටී තිබෙන අතර අනතුරත් සමඟ පාපැදිකරු මාර්ගය මැදට විසිවී එම දිශාවටම ගමන් කළ මඩකලපුව බන්ධනාගාරයට අයත් තවත් බස් රථයකට යටවීමෙන් ඔහු බරපතළ තුවාල ලබා ජීවිතක්ෂයට පත්වී තිබුණි.

 

මෙලෙස මියගොස් ඇත්තේ 65 හැවිරිදි පුද්ගලයෙකි.

views

2256 Views

Comments

arrow-up