කුරියර් ක්‍රමයට එවූ ලක්ෂ 88 ක මත්ද්‍රව්‍ය රේගු දැලේ පැටලේ
විදේශගත ඔබට
Latest_News
calendar
JUL
14

කුරියර් ක්‍රමයට එවූ ලක්ෂ 88 ක මත්ද්‍රව්‍ය රේගු දැලේ පැටලේ

කුරියර් ක්‍රමයට එවූ ලක්ෂ  88 ක මත්ද්‍රව්‍ය රේගු දැලේ පැටලේ

විදේශ රටවල් දෙකක් හරහා මෙරටට එවන ලද රුපියල් ලක්ෂ 88 ක් පමණ වටිනා මත්ද්‍රව්‍ය තොගයක් රේගු මත්ද්‍රව්‍ය  පාලන අංශයේ නිලධාරීන් විසින් සොයා ගෙන ඇත.

 

කොළඹ 07 සහ කොටහේන ප්‍රදේශයේ ලිපිනයන් දෙකකට එවන ලද මෙම මත්ද්‍රව්‍ය ඉතාලිය හා ඉන්දියාවෙන් කුරියර් සේවාවක් හරහා එවන ලද පාර්සල් දෙකකිනි.

 

චොක්ලට් සහ පාවහන් තුල බහා ඉතා සූක්ෂම අයුරින් මෙම මත්ද්‍රව්‍ය අසුරා ඇති අතර මත්ද්‍රව්‍ය අතර හෂිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 534ක් ද මරිජුවානා හෂීස් කාණ්ඩයට අයත් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 320ක්ද රේගු නිළධාරීන් සොයාගෙන ඇත.

views

925 Views

Comments

arrow-up