මොඩර්නාත් ලංකාවට එයි

ඇමරිකාවේ නිෂ්පාදිත මොඩර්නා කොරෝනා මර්ධන එන්නත් මාත්‍රා ලක්ෂ 10ක තොගයක් සිකුරාදා මෙරටට ලැබෙන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පසුගියදා පැවසීය.
එය තහවුරුකරමින් මෙම මොඩර්නා කොවිඩ් මර්දන එන්නත් ලක්ෂ 15 ක් හෙට දින (15) මෙරටට ලැබීමට නියමිත බව ඖෂධ නිෂ්පාදන, නියාමන හා සැපයීම් රාජ්‍ය අමාත්‍ය මහචාර්ය චන්න ජයසුමන පවසනවා. කොවැක්ස් පහසුකම යටතේ එම එන්නත් තොගය මෙරටට ලැබීමට නියමිත බවයි රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් පවසා සිටී.
මෙලෙස ලැබෙන මොඩර්නා එන්නත් ලක්ෂ පහලවෙන් හත් ලක්ෂ පනස් දහසක් පලමු මාත්‍රාව ලෙසත් අනිත් හත් ලක්ෂ පනස් දහස දෙවන මාත්‍රාව ලෙසත් ජනතාවට ලබාදෙන බව සෞඛ්‍ය අමාත්‍යංශය ප්‍රකාශ කර සිටී.
1017 Views
Comments