බස් රථයේ බුදු පිලිමය තුල හෙරොයින්

ගාල්ල - කොළඹ ධාවනය වන පෞද්ගලික බස් රථ මේ දිනවල සංචරණ සීමා පනවා තිබීම හේතුවෙන් ගාල්ල - බෙන්තොට අතර ධාවනය කරනු ලබන අතර මෙම බස් රථය මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කරමින් සිටියදී එහි තිබී මත්ද්‍රව්‍ය තොගයක් සමග බසයේ අයිතිකාර රියදුරු සහ රියදුරු සහායකයා අත්අඩංගුවට ගෙන ඇත.
මෙලෙස ගාල්ල පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත්තේ දඩල්ල සහ නරාවල ප්‍රදේශයන්හි පදිංචිකරුවන්ය
මෙම සෝදිසි කිරීමේදී සැකකරුවන් දෙදෙනාගේ සාක්කුවලින් සහ බස් රථයේ ඉදිරිපස බුද්ධ රූපය තැන්පත් කර ඇති පෙට්ටියේ තිබූ හෙරොයින් සහ අයිස් මත්ද්‍රව්‍යද සොයාගෙන ඇත.
1421 Views
Comments