JUN
18
ඉන්ධන සම්බන්ධයෙන් යළි රතු එළියක්

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ ඔක්ටේන් 95 පෙට්‍රල් තොග නොමැතිකම හේතුවෙන් රට තුළ ඔක්ටේන් 95 පෙට්‍රල් හිඟයක් පවතින බව ඛණිජ තෙල් බෙදුම්කරුවන් පවසයි.
ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සතුව ඔක්ටේන් 95 පෙට්‍රල් තොග නොමැතිවීම හේතුවෙන් මෙම ගැටළුව ඇති වී තිබෙන බවත් සති දෙකකට ආසන්න කාලයක සිට පෙට්‍රල් ඇනවුම් නොලැබෙන බවත් ඔවුන් පෙන්වා දෙයි
ඛනිජ තෙල් සංස්ථාව ඔක්ටේන් 95 පෙට්‍රල් තොග නිසි අයුරින් පවත්වාගෙන නොයාම හේතුවෙන් මෙම තත්වය උද්ගතව ඇති බවත් ඛනිජ තෙල් බෙදුම්කරුවෝ වැඩිදුරටත් සදහන් කරති.
470 Views
Comments