JUN
11
නවීන්ට ආණ්ඩුකාර ධුරයක්

හිටපු අමාත්‍යවරයෙකු වන නවීන් දිසානායක මහතාට ලබන සතිය තුළ දී ආණ්ඩුකාර ධුරයක් ලබාදීමට නියමිතව ඇති බව වාර්තා වේ.
අදාළ පත්වීම බොහෝදුරට ලබන අඟහරුවාදා දිනයේ සිදුවනු ඇති බව එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක ජනාධිපති උපදේශක රුවන් විජේවර්ධන මහතා සඳහන් කළේය.
ගම්පහ ප්‍රදේශයේදී මාධ්‍යවේදීන් නැගූ පැනයකට පිළිතුරු ලබා දෙමින් රුවන් විජේවර්ධන මහතා මේ බව පැවසීය.
260 Views
Comments