ඩ්‍රෝන තාක්ෂණයෙන් කෘමි නාශක ඉසියි
විදේශගත ඔබට
Latest_News
calendar
JUN
04

ඩ්‍රෝන තාක්ෂණයෙන් කෘමි නාශක ඉසියි

ඩ්‍රෝන තාක්ෂණයෙන් කෘමි නාශක ඉසියි

නවීන හා විද්‍යාත්මක ක්‍රමවේද ඇතුළත් පෙරළිකාර පියවරක් ලෙස, ජයවර්ධනපුර යුද හමුදා මූලස්ථාන සංකීර්ණය අවට අක්කර 8.5ක වගාවකට කෘමිනාශක සහ වල් නාශක ඉසීමට යුද හමුදාව විසින් ප්‍රථම වරට ඩ්‍රෝන තාක්‍ෂණය යොදා ගන්නා ලදී.

 

 

යුධ හමුදා කෘෂිකර්ම හා පශු සම්පත් බලකායේ අධ්‍යක්ෂ බ්‍රිගේඩියර් ඒ.කේ රාජපක්ෂ සහ 2 වන කෘෂිකර්ම හා පශු සම්පත් බලකායේ කපිතාන් ඩබ්ලිව්.ඒ.කේ.වයි වික්‍රමසිංහ යන මහත්වරුන්ගේ මගපෙන්වීම යටතේ ආයතන කිහිපයක සහයෝගයෙන් නියමු ව්‍යාපෘතියක් ලෙස මෙම වැඩසටහන දියත් කරන ලදී.

 

 

මෙමගින් අඩු පිරිවැයකින් කෘමිනාශක සහ වල්නාශක අවශ්‍ය ප්‍රමාණයට  අස්වැන්න සඳහා යෙදවීම අපේක්ෂා කරයි.

views

222 Views

Comments

arrow-up