අලුත් මාසේට වැඩි වෙන ඉන්ධන කෝටාව / මෙන්න ලැයිස්තුව
විදේශගත ඔබට
Latest_News
calendar
MAY
28

අලුත් මාසේට වැඩි වෙන ඉන්ධන කෝටාව / මෙන්න ලැයිස්තුව

අලුත් මාසේට වැඩි වෙන ඉන්ධන කෝටාව / මෙන්න ලැයිස්තුව

දැනට ලබා දෙන ඉන්ධන කෝටාව  ලබන අඟහරුවාදා මධ්‍යම රාත්‍රීයේ සිට වැඩිකිරීමට කටයුතු කළ බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පැවසීය.

 

මේ අනුව යතුරුපැදි සඳහා මීට පෙර පැවති ලීටර් 7 කෝටාව, ලීටර් 14 දක්වා ඉහළ දමා ඇත.

 

ලියාපදිංචි ත්‍රීරෝද රථ සඳහා ඉන්ධන කෝටාව ලීටර් 22ක් සහ අනෙකුත් ත්‍රීරෝද රථ සඳහා ලීටර් 14ක් ලෙස වැඩි කර තිබේ.

 

මෝටර් රථ සඳහා ලබා දුන් ලීටර් 30 ඉන්ධන කෝටාව, ලීටර් 40 දක්වා ඉහළ දමා ඇත.

 

වෑන් සඳහා ලබා දුන් ලීටර් 30 ඉන්ධන කෝටාව, ලීටර් 40 දක්වා ඉහළ දමා තිබේ.

 

බස් රථ සඳහා ලබා දුන් ලීටර් 60 ඉන්ධන කෝටාව, ලීටර් 125 දක්වා ඉහළ දමා ඇත.

 

ලොරි රථ සඳහා ලබා දුන් ලීටර් 75 ඉන්ධන කෝටාව, ලීටර් 125 දක්වා ඉහළ දමා තිබේ.

 

views

293 Views

Comments

arrow-up