MAY
21
පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවකගෙන් නව වැඩපිළිවෙලක්

පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක පැවසුවේ වසර 03 ක් ඇතුළත රට ප්‍රකෘතිමත් කරන කෙටි කාලීන වැඩපිළිවෙලක් සහ වසර 10 ක් ඇතුළත රටේ ණය බර ගෙවා ගත හැකි මට්ටමට නිෂ්පාදනය වැඩිදියුණු කරන රටක් ගොඩ නැගීමට වැඩපිළිවෙලක් සකස් කරන බවයි.
පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක වැඩිදුරටත් පැවසුවේ ජනරජ දිනය වන හෙට දිනයේදී එක්සත් ජනරජ පෙරමුණ නමින් නව දේශපාලන පක්‍ෂයක් එළිදක්වන බවයි.
රටක් ගොඩනැගීම සඳහා ක්‍රියාත්මක වන වැඩපිළිවෙල සදහා එක්වන ලෙස මන්ත්‍රීවරයා සියළු ජනතාවගෙන් ඉල්ලීමක් කළේය.
235 Views
Comments