ශ්‍රී ලංකා වොලිබෝල් කාන්තා කණ්ඩායමේ නායිකාවගෙන් ප්‍රකාශයක්
විදේශගත ඔබට
Latest_News
calendar
MAY
21

ශ්‍රී ලංකා වොලිබෝල් කාන්තා කණ්ඩායමේ නායිකාවගෙන් ප්‍රකාශයක්

ශ්‍රී ලංකා වොලිබෝල් කාන්තා කණ්ඩායමේ නායිකාවගෙන් ප්‍රකාශයක්

ශ්‍රී ලංකා වොලිබෝල් කාන්තා කණ්ඩායමේ නායිකා වාසනා පවසන්නේ නේපාලය ඔවුන් සමඟ ක්‍රීඩා කර පරාජය කරන අවස්ථාවේ ඔවුන්ගේ කණ්ඩායමට ක්‍රීඩා නොකල  අත්දැකීම් සහිත  ක්‍රීඩිකාවන් තුන් දෙනෙක් නැවත තමාගේ කණ්ඩායමට පැමිණ තිබෙන බවයි. ඔවුන්ගේ අත්දැකීම් තම කණ්ඩායමට ඉතා වැදගත් බවත් එම අත්දැකීම් සහ අලුත් ක්‍රීඩිකාවන්ගේ දක්ෂතා එක් කර වෙනස් සහ ඉක්මන් පුහුණුවක් ඔවුන් ලබා ගත් බවත් ඇය වැඩිදුරටත් සඳහන් කරයි. 

 

එසේම ඇය පෙන්වා දෙන්නේ බොහෝ විට කණ්ඩායමක් තමන්ගේ දක්ෂතාවයන්ට අසාධාරණයක් කර ගන්නේ නිවැරදිව පන්දුව පිරි නොනැමීමෙන් බව වාසානා පිළිගන්නීය.

 


නේපාල කාන්තා ක්‍රීඩිකාවන් සිටින්නේ මේ තරගාවලියේ මූලික වටයේ බවත් ශ්‍රී ලංකාව සිටින කාණ්ඩයේ ඔවුන් නොසිටින බවත් නේපාල කණ්ඩායම සිටින ස්ථානයට කාන්තා වොලොබෝල් කණ්ඩායමට ගමන් කළැ හැකි බව ශ්‍රී ලංකා වොලිබෝල් කාන්තා කණ්ඩායමේ නායිකාව පවසයි.
 


ශ්‍රී ලංකා කණ්ඩායමේ නව සූදානම තරගාවලිය ඇරඹුණු පසුව දක්නට හැකි වන බවත් එතෙක් කිසිවක් කිව නොහැකි බවත් ඇය වැඩිදුරටත් සඳහන් කළාය.

 

කණ්ඩායමේ සෑම ක්‍රීඩිකාවක්ම මේ දින කිහිපයේ පුහුණුව සඳහා කරපු කැපවීම සහ පුහුණුකරු චාල්ස් තිලකරත්න, සහය පුහුණුකාරි චන්දිමා අකරවිට මෙන්ම සම්භාහක තුෂාර පෙරේරා කරන සේවය ද පෞද්ගලිකව ශ්‍රී ලංකා යුද හමුදාව යටතේ තමන්ට ලැබෙන පහසුකම් සහ ආරක්ෂාව ගැනත් මෙහිදී වාසනා කෘතවේදීව සිහිපත් කළාය.

 

views

225 Views

Comments

arrow-up