විදුහල්පති පුරප්පාඩු කඩිනමින් ලබා දෙයි
විදේශගත ඔබට
Latest_News
calendar
MAY
21

විදුහල්පති පුරප්පාඩු කඩිනමින් ලබා දෙයි

විදුහල්පති පුරප්පාඩු කඩිනමින් ලබා දෙයි

අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා අදාළ නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබෙන්නේ විදුහල්පති පුරප්පාඩු පිරවීම සඳහා ඉදිරියේදී පැවැත්වෙන සම්මුඛ පරීක්ෂණ කඩිනමින් අවසන් කර අදාළ පත්වීම් කඩිනමින් ලබා දෙන ලෙසයි.

 

 

පාසල් පද්ධතියේ කාලීන තත්ත්වය පිළිබඳ සලකා බැලීම සඳහා ඊයේ (20) අදාළ මාණ්ඩලික නිලධාරීන්ගේ සහභාගීත්වයෙන් අධ්‍යාපන අධ්‍යාපන අමාත්‍යාංශයේ පැවති සාකච්ඡාවකදී මාත්‍යවරයා මෙම උපදෙස් ලබා දී ඇත.

 

ලබන වසරේදී සාමාන්‍ය පෙළ හා උසස් පෙළ යන විභාග දෙකම එකම වසරක් තුළ පැවැත්විය හැකි පරිදි අධ්‍යන කටයුතු ක්‍රමානුකූලව සාමාන්‍ය තත්ත්වයට ගෙන ඒමට විභාග කාල සටහන යාවත්කාලීන කිරීමට ඔහු බලධාරීන්ට උපදෙස් ලබා දුණි.

 

ලබන 29 වැනිදා සිට ජූනි 08 දක්වා සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වෙන විභාග මධ්‍යස්ථාන 3568ක් සහිත පාසල් පරිශ්‍රයන්හි මදුරු පාලන ධූමායන කටයුතු සිදු කෙරෙන බව වැඩිදුරටත් ඔහු සඳහන් කරන ලදී.

views

224 Views

Comments

arrow-up