තංගල්ල මූලික රෝහලේ ශල්‍ය වෛද්‍ය ඒකකයේ සති අන්තයේ වසයි

හම්බන්තොට දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය ටී. කේ. එන්. ඩී පටබැදිගේ පැවසුවේ තංගල්ල මූලික රෝහලේ ශල්‍ය වෛද්‍ය ඒකකයේ සති අන්තයේ විශේෂඥ සේවා සැපයීමට බාධා එල්ල වී තිබෙන බවයි.
එම රෝහලේ ශල්‍ය වෛද්‍ය ඒකකයේ රාජකාරී සිදු කරනු ලබන්නේ එක් විශේෂඥ වෛද්‍යවරයෙකු පමණක් බව ඔහු සඳහන් කරයි.
ඔහු සතියේ දින පහේම රාජකාරියට වාර්තා කරන බැවින් සති අන්ත රාජකාරීවල නිරත වීමට එම වෛද්‍යවරයාට නොහැකි බව දැනුම් දී ඇති බව වෛද්‍ය ටී. කේ. එන්. ඩී පටබැදිගේ සඳහන් කරයි.
මෙම ගැටළුව සම්බන්ධයෙන් අදාළ අංශ දැනුවත් කර ඇති බව තංගල්ල මූලික රෝහලේ වෛද්‍ය අධිකාරීවරයා සඳහන් කළේය.
තිස්සමහාරාම මූලික රෝහලේද ශල්‍ය වෛද්‍ය ඒකකයේ රාජකාරී සිදුකරනු ලබන්නේ එක් විශේෂඥ වෛද්‍යවරයෙක් පමණක් බැවින් එම රෝහලේද සති අන්තයේදී ශල්‍ය වෛද්‍ය ඒකකයේ රාජකාරී සිදු නොවන බව වාර්තා විය.
210 Views
Comments