කෝටි 35ක මැණිකක් සමග "චාටර් චූටි" මාට්ටු
විදේශගත ඔබට
Latest_News
calendar
JUN
04

කෝටි 35ක මැණිකක් සමග "චාටර් චූටි" මාට්ටු

කෝටි 35ක මැණිකක් සමග "චාටර් චූටි" මාට්ටු

අද දින ගොඩගම ප්‍රදේශයේදී "චාටර් චූටි" නැමති සැකකරුවෙකු මීගොඩ පොලිසිය විසින් හෙරොයින් තොගයක් සහ රුපියල් කෝටි 35ක් පමණ වටිනා මැණිකක් හා රුපියල් ලක්ෂ 27ක පමණ වටිනාකමකින් යුත් අත් ඔරලෝසුවක් සමඟ අත්අඩංගුවට ගෙන ඇත. අත් ඔරලෝසුව හා මැණික සොරාගෙන ඇත්තේ ලයනල් ජයසිංහ මාවතේ පිහිටි ව්‍යාපාරිකයෙකුට අයත් නිවසකින්.

 

 

සැකකරු වෙසක් පොහෝ දිනයේදී මෙම සොරකම සිදුකර ඇති බව මීගොඩ පොලිසිය පවසයි. මීගොඩ හෙට්ටිවත්ත ප්‍රදේශයේ පදිංචි ප්‍රධාන සැකකරුට අමතරව සිද්ධියට සම්බන්ධ බවට සැක කෙරෙන තවත් පුද්ගලයින් දෙදෙනෙකු ද අත්අඩංගුවට ගෙන තිබෙනවා. 

 

 

අත්අඩංගුවට ගැනීමේදී ප්‍රධාන සැකකරු සන්තකයේ තිබී හෙරොයින් ග්‍රෑම් 20ක් සහ මිලිග්‍රෑම් 300ක් සොයාගෙන ඇති අතර සැකකරු මත්ද්‍රව්‍යවලට දැඩි ලෙස ඇබ්බැහි වී ඇති බව පෙන්නුම් කරයි. 

 

 

සැකකරුට නිවෙස් බිඳ සොරකම් කිරීමේ ඉතිහාසයක් ඇති බවද පොලිසිය සඳහන් කළේය.

views

357 Views

Comments

arrow-up