JUN
11
ගංජා ලග තබා ගත් හමුදා සෙබළෙකු අත්අඩංගුවට

තණමල්විල හම්බෙගමුව ප්‍රදේශයේ සිදු කළ වැටලීමක දී වියළි ගංජා කිලෝ 8යි ග්‍රෑම් 5ක් සන්තකයේ තබාගෙන සිටි හමුදා සෙබළකු අත්අඩංගුවට ගත් බව විශේෂ කාර්ය බළකාය පවසයි.
මොහු අම්බලන්තොට මයුරපුර ඉංජිනේරු සේවා රෙජිමේන්තුවේ වයස අවුරුදු 24 ක සාමාන්‍ය සෙබළකු බවට තොරතුරු අණාවරණය වී ඇති අතර ජාවාරම් කිරීම සඳහා වියළි ගංජා තොගය සිය සන්තකයේ තබාගෙන සිටියදී මොහු අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිසිය පවසයි.
297 Views
Comments