ඉන්ධන හිඟයක් නෑ බලශක්ති ඇමති කියයි

කිසිදු හිඟයකින් තොරව දිවයින පුරා පිරවුම්හල්වලින් ඉන්ධන ලබාගැනීමේ හැකියාව පවතින බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසයි.
සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් අමාත්‍යවරයා ප්‍රකාශ කර ඇත්තේ මේ වන විට දිවයින පුරා සියලු පිරවුම්හල්වලට ප්‍රමාණවත් තරම් ඉන්ධන තොග නිකුත් කර ඇති බවයි.
පසුගිය දින 10 තුළ පිරවුම්හල් සඳහා ඉන්ධන ඇණවුම් බෙදාහරින ලද ආකාරය පිළිබඳව වාර්තාවක් ද කංචන විජේසේකර අමාත්‍යවරයා විසින් එම ට්විටර් සටහනට එක්කර තිබේ.
ඒ අනුව දෛනිකව ඉන්ධන බෙදාහැරීමේ කටයුතු මේ වන විට සාමාන්‍ය පරිදි සිදුවන අතර දිවයිනේ සෑම පිරවුම්හලකම හිඟයකින් තොරව ඉන්ධන පවතින බව කංචන විජේසේකර මහතා පෙන්වා දී ඇත.
256 Views
Comments