තරුණියකට පහර දුන් පොලිස් සැරයන්වරයෙකු සහ ඔහුගේ බිරිඳ අත්අඩංගුවට
විදේශගත ඔබට
Latest_News
calendar
JUN
11

තරුණියකට පහර දුන් පොලිස් සැරයන්වරයෙකු සහ ඔහුගේ බිරිඳ අත්අඩංගුවට

තරුණියකට පහර දුන් පොලිස් සැරයන්වරයෙකු සහ ඔහුගේ බිරිඳ අත්අඩංගුවට

නිවසකට පැන තරුණියකට පහර දී තුවාල සිදුකිරීම හා නිවසේ දේපළවලට හානි සිදු කිරීම සම්බන්ධයෙන් මොරන්තුඩුව පොලීසියේ සැරයන්වරයකු හා ඔහුගේ බිරිඳ අත්අඩංගුවට ගත් බව කළුතර උතුර පොලිසිය පවසයි.

 

කුඩා වස්කඩුව කොබේ දූව පාර පදිංචි කාන්තාවක් සිදු කරන ලද පැමිණිල්ලකට අනුව මෙම සැකකාර යුවළ අත්අඩංගුවට ගෙන තිබේ.

 

ඉකුත් මැයි 18 වැනි දින රාත්‍රි කාලයේ දී කුඩා වස්කඩුව රතන ජෝති මාවත නිවසකට කඩා කඩා වැදුණු සැකකාර සැරයන්වරයා සහ ඔහුගේ බිරිඳ මෙම පහරදීම සිදුකර ඇති අතර ඉඩම් ආරවුලක් මෙම පහරදීමට හේතුවී ඇති බව පොලිස් ආරංචි මාර්ග පවසයි.

 

කළුතර උතුර පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

views

244 Views

Comments

arrow-up