ජාත්‍යන්තර මව්වරුන්ගේ දිනය අදයි
විදේශගත ඔබට
Latest_News
calendar
MAY
14

ජාත්‍යන්තර මව්වරුන්ගේ දිනය අදයි

ජාත්‍යන්තර මව්වරුන්ගේ දිනය අදයි

ජාත්‍යන්තර මව්වරුන්ගේ දිනය සනිටුහන් වන අද දවස වන විට මෙරට මව්වරුන් 6,215 දෙනෙකු වැඩිහිටි නිවාසවල දිවි ගෙවන බව ජාතික වැඩිහිටි ලේකම් කාර්යාලය අනාවරණය කරන ලදී. ඒ අතරින් 5,781 දෙනෙකු පෞද්ගලික වැඩිහිටි නිවාසවලත්, 434 දෙනෙකු රජයේ වැඩිහිටි නිවාසවලත් දිවි ගෙවන බව ජාතික වැඩිහිටි ලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂ කපිල ලැනරෝල් මහතා සඳහන් කළේය.

 

 

වයෝවෘද්ධ මව්වරුන් වැඩිහිටි නිවාසවල මෙන්ම සිය නිවෙස් තුළ ද සිරගත වී ඉතා අපහසුවෙන් ජීවත් වන තත්ත්වයක් දැකගත හැකි වන බව කපිල ලැනරෝල් මහතා තවදුරටත් ප්‍රකාශ කළේ ය.

views

253 Views

Comments

arrow-up