කෝටි 19ක හොර බඩු රේගු දැලේ

රේගුවට ව්‍යාජ තොරතුරු ඉදිරිපත් කර මෙරටට ආනයනය කරන ලද රුපියල් කෝටි 19කට අධික වටිනාකමකින් යුතු වාහන සහ යතුරුපැදි, දුම්වැටි සහ විදෙස් මත්පැන් තොගයක් රේගු නිලධාරීන් භාරයට ගන්නා ලදී.
රේගු නිලධාරීන් පවසන්නේ මෙම වැටලීම සිදු නොකළේ නම් රජයට අහිමි වීමට තිබූ බදු ආදායම රුපියල් කෝටි 15 කි.
දුම්වැටි තොගය රුපියල් අට කෝටි පනස් ලක්ෂයක් වටිනා අතර, මෙම දුම්වැටි තොගය රේගු භාරයට නොගත්තේනම් රජයට අහිමි වීමට තිබූ බදු ආදායම රුපියල් හත් කෝටි පනස් ලක්ෂයකි.
ජපානයේ සිට ආනයනය කරන ලද අඩි 40 ක් දිගැති බහාලුමක් ග්‍රේලයින් අංක එක අංගණයේදී පරීක්ෂා කිරීමේදී කොටස් වෙන් කරන ලද වාහන 05 ක්, යතුරු පැදි 20 ක්, වාහන ටයර් 250 ක්, වාහන එන්ජින් ඇතුළු අමතර කොටස් තොගයක් රේගු නිලධාරීන් භාරයට ගන්නා ලදී.
මෙම බහාලුම් විවෘත කරන අවස්ථාවට ඔරුගොඩවත්ත ග්‍රේලයින් සහ RCT අංගණවලට මුදල් රාජ්‍ය ඇමැති රංජිත් සියඹලාපිටිය ද පැමිණියේය.
266 Views
Comments