SEP
05
දිස්ත්‍රික්ක 08කට නායයෑමේ අනතුරු ඇඟවීමේ නිවේදන

ජාතික ගොඩනැගිලි පරීක්ෂණ සංවිධානය විසින් දිස්ත්‍රික්ක 08ක් සඳහා නායයාමේ අනතුරු ඇඟවීමේ නිවේදන නිකුත් කර තිබේ.
කොළඹ, කළුතර, මහනුවර, කෑගල්ල, කුරුණෑගල, මාතලේ, නුවරඑළිය සහ රත්නපුර යන දිස්ත්‍රික්කවලට මෙලෙස නායයෑමේ අනතුරු ඇඟවීමේ නිවේදන නිකුත් කර තිබේ.
මෙම දිස්ත්‍රික්ක 08 අතරින් මහනුවර, කෑගල්ල, කුරුණෑගල, නුවරඑළිය සහ රත්නපුර යන දිස්ත්‍රික්ක 05 සඳහා නායයෑමේ රතු නිවේදන නිකුත් කර තිබේ.
304 Views
Comments