සමෘද්ධිය ලැබිය යුතු අයගෙන් 50%ක පිරිසකට එය නොලැබේ
විදේශගත ඔබට
Latest_News
calendar
AUG
29

සමෘද්ධිය ලැබිය යුතු අයගෙන් 50%ක පිරිසකට එය නොලැබේ

සමෘද්ධිය ලැබිය යුතු අයගෙන් 50%ක පිරිසකට එය නොලැබේ

සමෘද්ධි සහනාධාර ලැබිය යුතු පිරිසෙන් 50%ක පමණ පිරිසකට එය නොලැබෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා ප්‍රකාශ කරයි.

 

එසේ ම මේ වන විට සමෘද්ධි සහනාධාර ලබන පිරිසෙන් 40%ක ප්‍රමාණයකට එය ලැබීමට සුදුසුකම් නැති බව ද ඔහු පෙන්වා දෙයි.

 

දේශපාලඥයන් විසින් ඡන්දය ලබා ගැනීම සඳහා සමෘද්ධි සහනාධාරය පුද්ගලයින්ට ලබාදෙන බවත් එය වැරදි ක්‍රියාවක් බවත් මන්ත්‍රීවරයා ප්‍රකාශ කරයි.

 

ඊයේ (29) පාර්ලිමේන්තුවේ දී අදහස් දක්වමින් ඒ මහතා මේ බව ප්‍රකාශ කර ඇත.

 

එසේ ම සහනාධාර අවශ්‍ය අයට එය ලබා දෙන්නත් අනවශ්‍ය අයට නොදන්නත් දේශපාලනඥයන්ට කොන්දක් තිබිය යුතු බව ද ඒ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කර තිබේ.

 

views

281 Views

Comments

arrow-up