මුදලිගේව දින 90ක් රඳවා තබන්න රනිල් අස්සන තබයි
විදේශගත ඔබට
Latest_News
calendar
AUG
22

මුදලිගේව දින 90ක් රඳවා තබන්න රනිල් අස්සන තබයි

මුදලිගේව දින 90ක් රඳවා තබන්න රනිල් අස්සන තබයි

අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ, හෂාන්ත ගුණතිලක සහ පූජ්‍ය ගල්වල සිරිධම්ම හිමියන් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ දින 90ක් රඳවා තබා විමර්ශන කිරීමට ආරක්ෂක අමාත්‍යවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ අනුමැතිය ලැබී ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිතීඥ නිහාල් තල්දූව සඳහන් කළේය.

 

ඉකුත් 18 වනදා අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය කොළඹ පැවැත්වූ විරෝධතාවක් අතරතුර වසන්ත මුදලිගේ ඇතුළු 19 දෙනෙකු පොලිස් අත්අඩංගුවට පත්වූ අතර ඉන් 15 දෙනෙක් පසුගියදා ඇප මත මුදා හැරුණි.

 

ඒ අනුව වසන්ත මුදලිගේ ඇතුළු තිදෙනා පැය 72 රැඳවුම් නියෝග යටතේ රඳවා ගැනුණු අතර ආරක්ෂක අමාත්‍යවරයාගේ අනුමැතියට යටත්ව ඔවුන් දින 90ක් රඳවා තබා විමර්ශනය කිරීමට නියමිතව ඇත.

views

241 Views

Comments

arrow-up