එස්.එම්.එස් වලින් යැවූ පෙම් පණිවිඩය දුරදිග ගොස් මල්ලීට පහරදී අයියාව කඩුවෙන් කපලා
විදේශගත ඔබට
Latest_News
calendar
AUG
16

එස්.එම්.එස් වලින් යැවූ පෙම් පණිවිඩය දුරදිග ගොස් මල්ලීට පහරදී අයියාව කඩුවෙන් කපලා

එස්.එම්.එස් වලින් යැවූ පෙම් පණිවිඩය දුරදිග ගොස් මල්ලීට පහරදී අයියාව කඩුවෙන් කපලා

එස්.එම්.එස් පණිවිඩයක් දුරදිග ගොස් එකම පවුලේ සොහොයුරන් දෙදෙනෙකුට පහරදී පසුව කඩුවලින් කපා බරපතල තුවාල සිදුකළ සැකකරුවන් පිරිසක් අත්අඩංගුවට ගැනීමට ආණමඩුව පොලිසිය විමර්ශන කටයුතු ආරම්භ කර ඇත.

 

ආණමඩුව නගරයේදී මෙම පහරදීම සිදුවී තිබේ. 

 

මෙලෙස පහර කෑමට හා කඩු ප්‍රහාරයට ලක්ව ඇත්තේ ආණමඩුව නගරයේ පදිංචි 18 හා 24 වියේ පසුවන තරුණයින් දෙදෙනෙකි. 

 

මෙම සොහොයුරන් දෙදෙනාගෙන් බාල සොහොයුරා තරුණියකට එස්.එම්.එස් පණිවිඩයක් යැවීම මෙම සිද්ධියට හේතුවී ඇති බව පොලිසිය සඳහන් කරයි. 

 

පොලිසිය පවසන්නේ තම පෙම්වතියට යැවූ එස්.එම්.එස් පණිවිඩය ගැන උරණ වී ඇති අදාළ සැකකාර තරුණයා තම පියාට අයත් වෑන් රථයකින් තවත් තරුණයින් පිරිසක්ද රැගෙන ආණමඩුව නගරයේ බස් නැවතුම් පොල අසලදී පළමුව එස්.එම්.එස් යැවූ තරුණයාට පහර දී ඇති බවයි.

 

එසේ දරුණු පහර කෑමට ලක්වූ තරුණයා මේ පිළිබඳව තම වැඩිමල් සොහොයුරාට පවසා ඇති අතර එය විමසීමට අදාළ තරුණයින් රැඳී සිටි ස්ථානයට පැමිණ ඒ පිළිබදව විමසා ඇතිවූ බහින් බස් වීමකින් පසුව වෑන් රථයේ සඟවා තිබූ කඩුවක් රැගෙන විත් මෙසේ කපා ඇති බව පැවසෙයි.

 

මෙලෙස පහරදී සැකකාර තරුණයා ඇතුළු පිරිස එම ස්ථානයෙන් පලා ගොස් ඇති අතර කැපුම් තුවාල ලබා බරපතල තත්ත්වයේ සිටියදී ආණමඩුව රෝහලට ඇතුලත් කර ඇති අතර පසුව අසාධ්‍යව වීම හේතුවෙන් පුත්තලම මූලික රෝහලට යැවීමට කටයුතු කර ඇත. 

 

ආණමඩුව පොලිසිය පවසන්නේ සැකකාර තරුණයින් අත්අඩංගුවට ගැනීමට මේවන විට පොලිස් කණ්ඩායමක් යොදා ඇති බවයි.

views

347 Views

Comments

arrow-up