සංචාරකයින්ටත් වෙනම ඉන්ධන කාඩ් පතක් ලබන සතියේ
විදේශගත ඔබට
Latest_News
calendar
AUG
09

සංචාරකයින්ටත් වෙනම ඉන්ධන කාඩ් පතක් ලබන සතියේ

සංචාරකයින්ටත් වෙනම ඉන්ධන කාඩ් පතක් ලබන සතියේ

සංචාරක කර්මාන්තයට අවශ්‍ය පහසුකම් සම්පුර්ණ කිරීමට නව ඉන්ධන කාඩ් පතක් එළඹෙන සතියේදී හඳුන්වාදීම කෙරෙහි විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශයේ අවධානය යොමුව තිබෙනවා.

 

ජාතික ඉන්ධන අවසරපත් QR ක්‍රමවේදය පිළිබඳව ප්‍රගති සමාලෝච හමුව අද පෙරවරුවේ (09) පැවති අතර එහිදී මේ පිළිබඳ අවධානය යොමුව ඇතැයි සදහන් වන්නේ.

 

එසේම බහු රථ වාහන එක් දුරකථන අංකයක් ඔස්සේ ලියාපදංචි කිරීම, විශේෂිත අවශ්‍යතා ඛාණ්ඩයක් ඇති කිරීම, රථ වාහන නොවන ඉන්ධන අවශ්‍යතා වෙනුවෙන් QR කේතය සහ දත්ත විශ්ලේෂණය කිරීමේ පද්ධතිය කඩිනමින් හඳුන්වා දීමට මෙහිදී තීරණය කොට ඇති බව විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය නිවේදනය කරනවා.

views

273 Views

Comments

arrow-up