කොවිඩ් සමයේ වැඩි කළ බස් ගාස්තු අඩු කරන්නැයි ඉල්ලීමක්
විදේශගත ඔබට
Latest_News
calendar
AUG
02

කොවිඩ් සමයේ වැඩි කළ බස් ගාස්තු අඩු කරන්නැයි ඉල්ලීමක්

කොවිඩ් සමයේ වැඩි කළ බස් ගාස්තු අඩු කරන්නැයි ඉල්ලීමක්

“කොවිඩ්” සමයේ ඉහළ දැමූ පෞද්ගලික බස් ගාස්තු 20% ක ප්‍රතිශතය අඩු කිරීමට ප්‍රවාහන අමාත්‍යංශයෙන් අවසර ඉල්ලා ඇති බවත් ඩීසල් මිල රුපියල් 10 කින් අඩු කිරීමෙන් බස් ගාස්තුවට ඇතිවූ බලපෑම ඉතා සුළු ප්‍රතිශතයක් බවත් ජාතික ගමනා ගමන කොමිසමේ අධ්‍යක්‍ෂ ජනරාල් ආචාර්ය තිලාන් මිරැන්ඩා අද (02) පැවසීය.

 

බස් රථවල ආසන ධාරිතාවට පමණක් මගීන් ගෙන යෑම හේතුවෙන් එම 20% ක ගාස්තුව ඉහළ දැමූ බව කී හෙතෙම එම නීතිය වර්තමානයේ ක්‍රියාත්මක නොවීම හේතුවෙන් ගාස්තු සංශෝධනයකට අවසර ඉල්ලූ බව සඳහන් කළේය.

 

එම අඩු කිරීමට අවසර ලැබුණ හොත් ඩීසල් මිල රුපියල් 10කින් අඩු කිරීමේ වාසියද එයට එකතු කිරීමේ හැකියාවද ඇති බව අධ්‍යක්‍ෂ ජනරාල්වරයා වැඩිදුරටත් සඳහන් කළේය.

views

251 Views

Comments

arrow-up