අගමැති සහ ඉන්දීය මහකොමසාරිස් අතර හමුවක්

අග්‍රාමාත්‍ය කාර්යාලය කළ නිවේදනයකට අනුව අද (26) දින අගමැති දිනේෂ් ගුණවර්ධන මහතා සහ මෙරට ඉන්දීය මහකොමසාරිස් ගෝපාල් බාග්ලේ මහතා අතර හමුවක් පැවැත්වී ඇත.
එහිදී ඉන්දීය මහකොමසාරිස්වරයා ලංකාවේ පුනර්ජනනීය බලශක්ති ක්ෂේත්‍රයට සහ ප්‍රවාහන පද්ධතිය වැඩිදියුණු කිරීමට අවශ්‍ය තාක්ෂණික සහය ලබාදීමට එකඟතාවය පළ කර ඇත.
අග්‍රාමාත්‍ය කාර්යාලය දන්වා සිටින්නේ මෙම හමුවේදී ප්‍රධාන වශයෙන් සාකච්ඡා කෙරුනේ සංචාරක ක්ෂේත්‍රයේ කඩිනම් ආයෝජන සහ රටවල් දෙක අතර ඍජු විදේශ ආයෝජන සිදුකිරීම සම්බන්ධයෙන් බවයි.
282 Views
Comments