ගාලුමෝදර අවට ආරක්ෂාව වැඩි කෙරේ
විදේශගත ඔබට
Latest_News
calendar
AUG
09

ගාලුමෝදර අවට ආරක්ෂාව වැඩි කෙරේ

ගාලුමෝදර  අවට ආරක්ෂාව වැඩි කෙරේ

මේ වන විට ගාලුමෝදර අවට ප්‍රදේශයේ පොලිස් ආරක්ෂාව වැඩිකර තිබේ.

 

අද (09) ගාලුමෝදර අරගලයේ 123 වන දිනය වන අතර අරගල භූමියේ කුඩාරම් ඉදිකරගත් පිරිසක් තවමත් එම ස්ථානයේ රැඳී සිටියි.

 

කෙසේ වෙතත් පසුගිය දින වලට සාපේක්ෂව අද (09) දිනයේ කූඩාරම් ඉතිරිව ඇත්තේ ඉතා ස්වල්ප ප්‍රමාණයකි.

 

කෙසේ වෙතත් අද (09) දහවල් සහ පස්වරුවේ අරගල භූමියේදී විරෝධතා කිහිපයක් පැවැත්වීමට කටයුතු කර ඇතැයි අරගලකරුවන් පවසයි.

views

307 Views

Comments

arrow-up