ගල් කොරියෙන් පහළට ඇද වැටී ආයුධ පෙන්වීමට ගිය සැකකරු මියයයි

පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගෙන කඩුවෙල ප්‍රදේශයේ ගල් කොරියක ආයුධ පෙන්වීමට රැගෙන ගිය සැකකරුවෙකු ගල් කොරියෙන් පහලට වැටී ජීවිතක්ෂයට පත්ව ඇත.
මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ කඩවත ඉහල බියන්විල ප්‍රදේශයේ පදිංචි තුවාන් සිරාර් නම් 34 හැවිරිදි වියේ පසුවන පුද්ගලයෙකි.
සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයෙකු වන අංගොඩ ලොක්කාගේ සමීපතමයෙකු බවට අනාවරණය වී ඇති මෙම සැකකරුට එරෙහිව බරපතල චෝදනා 13ක් සම්බන්ධයෙන් පරීක්ෂණ ක්‍රියාත්මක වෙමින් පවතින බව නවගමුව පොලිසිය ප්‍රකාශ කරයි.
අත්අඩංගුවෙහි පසුවූ සැකකරු සඟවා තිබූ බවට කියන ආයුධ තොගයක් පෙන්වීම සඳහා කඩුවෙල වැයික්කවත්ත පාර ප්‍රදේශයේ ගල් වලක් වෙත රැගෙන ගිය අවස්ථාවේ සැකකරු විශේෂ කාර්ය බලකා නිලධාරීන්ගෙන් මිදී පළා යාමට උත්සාහ කර තිබේ.
එම අවස්ථාවේදී සැකකරු ගල් කොරියේ ඉහළ සිට පහළට ඇද වැටී ඇත.
බරපතළ තුවාල ලැබූ සැකකරු අතුරුගිරිය ප්‍රාදේශීය රෝහල්ට ඇතුළත් කිරීමෙන් පසුව ජීවිතක්ෂයට පත්ව තිබේ.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් මහේස්ත්‍රාත් පරීක්ෂණය අද (09) දහවල් සිදු කිරීමට නියමිත අතර නවගමුව පොලිසිය විසින් වැඩිදුර විමර්ශන ආරම්භ කර තිබේ.
358 Views
Comments