මට්ටක්කුලියේ වෙඩි තැබීමක්, එක් අයෙකුට බරපතල තුවාල
විදේශගත ඔබට
Latest_News
calendar
AUG
29

මට්ටක්කුලියේ වෙඩි තැබීමක්, එක් අයෙකුට බරපතල තුවාල

මට්ටක්කුලියේ වෙඩි තැබීමක්, එක් අයෙකුට බරපතල තුවාල

ඊයේ (29) රාත්‍රියේ මට්ටක්කුලිය අලිවත්ත ප්‍රදේශයේ දී වෙඩි තැබීමක් සිදුව ඇත.

 

මෙම වෙඩි තැබීමෙන් බරපතල තුවාල ලැබූ 26 හැවිරිදි මට්ටක්කුලිය ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබේ.

 

පොලීසිය ප්‍රකාශ කළේ යතුරුපැදියකින් පැමිණි සැකකරුවන් පිස්තෝලයක් භාවිතා කරමින් මෙම වෙඩිතැබීම සිදුකර ඇති බවයි.

 

මත්ද්‍රව්‍යවලට සම්බන්ධ සංවිධානාත්මක අපරාධකරුවන් අතර ඇතිවී තිබෙන ආරවුල් හේතුවෙන් මෙම වෙඩිතැබීම සිදුකර ඇතැයි පොලීසිය සැක පළ කරයි.

 

සිද්ධිය පිළිබඳ වැඩිදුර විමර්ශන මට්ටක්කුලිය පොලිසිය විසින් සිදු කරයි.

 

views

247 Views

Comments

arrow-up