බිත්තරේ වැඩි මිලට වික්කොත් මාස හයක් හිරේ....මෙන්න දඩේ
විදේශගත ඔබට
Latest_News
calendar
AUG
22

බිත්තරේ වැඩි මිලට වික්කොත් මාස හයක් හිරේ....මෙන්න දඩේ

බිත්තරේ වැඩි මිලට වික්කොත් මාස හයක් හිරේ....මෙන්න දඩේ

පාලන මිල ඉක්මවා බිත්තර අලෙවි කරන සිල්ලර වෙළෙඳුන්ට රුපියල් ලක්ෂයේ සිට රුපියල් ලක්ෂ පහ දක්වා දඩ මුදලක් හෝ මාස හයක සිරදඬුවමක් නියම කළ හැකි බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසනවා.

 

එසේ නැතිනම් මෙම දඩ මුදල සහ සිරදඬුවම යන දඩුවම් දෙකටම යටත් කිරීමට අධිකරණයට හැකි බවද පාරිභෝගික අධිකාරිය නිවේදනය කරනවා.

 

එසේම පාලන මිල ඉක්මවා බිත්තර අළෙවි කරන සමාගම් ලෙස ලියාපදිංචි වීඇති පුද්ගලික ව්‍යාපාර සදහා රුපියල් ලක්ෂ පහේ සිට රුපියල් ලක්ෂ පනහ දක්වා දඩ මුදල් හෝ මාසය හයක සිරදඬුවම් හෝ එම දඩුවම් දෙකටම යටත් කළ හැකි බවද එම අධිකාරිය වැඩිදුරටත් කියා සිටිනවා.

 

රජය විසින් බිත්තර සදහා පාලන මිලක් නියම කරමින් ගැසට් පත්‍රයක් නිකුත් කොට ඇති අතර ඊට අනුව සුදු බිත්තරයක් රුපියල් 43 ක සහ දුඹුරු,රතු බිත්තරයක් රුපියල් 45 ක උපරිම සිල්ලර මිලකට අළෙවි කළ යුතු වනවා.

views

281 Views

Comments

arrow-up