ගෝල්ෆේස් එකේ තණ අල්ලන්න ලක්ෂ 47 1/2ක් යනවා

ගාලු මුවදොර ආශ්‍රිතව ගෝඨාගෝගම නමින් ස්ථාපිත කර තිබු අරගල භූමියට සිදුව ඇති හානිය රුපියල් ලක්ෂ 49 ක් පමණ වන බව නාගරික සංවර්ධන අධිකාරිය පවසයි.
ගෝල්ෆේස් අරගල භූමියට සිදුව ඇති අලාභ හානිය පිළිබදව තක්සේරු වාර්තාවක් ලබා ගැනීමට මේ වන විට කටයුතු කර ඇති බවද එම අධිකාරිය සඳහන් කර සිටින්නේ.
එම භූමිය නැවත සැකසීම සහ මූලික කටයුතු වෙනුවෙන් රුපියල් ලක්ෂ 1 ½ ක් සහ එහි තණ පිඩලි ඇල්ලීම වෙනුවෙන් රුපියල් ලක්ෂ 47 ½ ක් වැය වන බව නාගරික සංවර්ධන අධිකාරිය විසින් සකස් කරන ලද එම තක්සේරු වාර්තාවෙහි සදහන් වේ.
නාගරික සංවර්ධන අධිකාරියට අයත් ගෝල්ෆේස් පිට්ටනිය ආශ්‍රිත ප්‍රදේශයට සිදුකළ හානියට වන්දි අරගලකරුවන්ගෙන් අයකර ගැනීමට අවශ්‍ය නීතිමය ක්‍රියාමාර්ග ගන්නා ලෙස විෂය භාර ඇමති අමාත්‍ය ප්‍රසන්න රණතුංග නාගරික සංවර්ධන අධිකාරියට පසුගියදා උපදෙස් ලබා දී තිබුණා.
338 Views
Comments