“ඛනිජ තෙල් සංස්ථාව ප්‍රතිව්‍යුහගත කරනු එපා” - වෘත්තීය සමිති උද්ඝෝෂණයේ

ඛනිජ තෙල් සංස්ථාව ප්‍රතිව්‍යුහගත කිරීමට එරෙහිව ඊයේ(22) ඛනිජ තෙල් වෘත්තීය සමිති 11ක සාමාජිකයෝ බලශක්ති අමාත්‍යාංශය ඉදිරිපිට විරෝධතාවක නිරත වූහ.
ඛනිජ සම්පත් සුරැකීමේ එකමුතුව ලෙසට වෘත්තීය සමිති සාමාජිකයන් දහවල් 1ට පමණ විහාරමහාදේවි උසානය අසලට එක්වී එහි සිට අමාත්‍යාංශය ඉදිරිපිටට ගොස් විරෝධතාවේ නිරතවිය.
ඉන්ධන ගෙන්වීමේදී සිදුවන දූෂණ අක්‍රමිකතා හෙළි කිරීමට සහ ඒ සම්බන්ධයෙන් වැඩි විස්තර ඇතුළත් කරමින් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කිරීමටත් අදහස් කරන බව ඛනිජ තෙල් පොදු සේවක සංගමයේ සභාපති අශෝක රන්වල එහිදී පැවැසීය.
267 Views
Comments