චමුදිතගේ යූටියුබ් නාළිකාව අනතුරේ

තමාට එරෙහිව සමාජ මාධ්‍යයේ Youtube නාලිකාවක් හරහා එල්ල කර ඇති චෝදනාවලට දේශීය හා අන්තර්ජාතික අධිකරණ ක්‍රියාමාර්ගයක් ඔස්සේ පිළිතුරු සැපයීමට කටයුතු කරන බව රෝසි සේනානායක මහත්මිය පවසයි.
දෙසතියකට පෙර ඇමෙරිකාවේ ලාස්වේගාස් හි පැවැති ලෝක විවාහක රූ රැජින තරඟාවලිය සම්බන්ධයෙන් ඊට මෙරටින් සහභාගී වූ පුෂ්පිකාද සිල්වා මහත්මිය Youtube නාලිකාවක සම්මුඛ සාකච්ඡාවක් හරහා රෝසි සේනානයක මහත්මියට දැඩිව චෝදනා එල්ල කර තිබුණි.
මේ සම්බන්ධව සිවිල් අපහාස නීතිය යටතේ එම Youtube නාලිකාවටත්, එහි හිමිකරුට සහ එම සම්මුඛ සාකච්ඡාවට සහභාගී වූ තැනැත්තියටත් එරෙහිව නීතිමය පියවර ගැනීම සඳහා නීතිඥයන් යොමුකර ඇතැයි ද සේනානායක මහත්මිය පවසයි.
771 Views
Comments