JAN
24
පාසල් වහන්න - ඉන්ධන ඉතුරු කරගන්න ගම්මන්පිලගෙන් යෝජනා

ඇතිවී ඇති ඉන්ධන අර්බුදය විසඳාගැනීම සඳහා ඉන්ධන භාවිතය අඩුකිරීමට බලශක්තිය අමාත්‍ය උදය ගම්මන්පිල මහතා විසින් යෝජනාවලියක් ඉදිරිපත් කර තිබෙනවා.
එම යෝජනා මෙසේය.
- පාසල් සතියට එක් දිනක් වසා දමා වීඩියෝ තාක්ෂණය ඔස්සේ ඉගැන්වීම.
- කාර්යාල ඇරඹීම විවිධ වෙලාවන්ට සිදු කිරීම.
- ඉන්ධන මිල සූත්‍රය ක්‍රියාත්මක කිරීම.
- කොළඹට එන වාහන සීමා කිරීම.
- රාජ්‍ය ආයතන වල රැස්වීම් සාකච්ඡා සම්මන්ත්‍රණ සඳහා නිලධාරීන් කැඳවීම සීමා කිරීම සහ වීඩියෝ තාක්ෂණය ඔස්සේ රැස්වීම් පැවැත්වීම.
භාවිතය අවම කිරීම සඳහා ඉන්ධන මිල ඉහළ දැමුවද අමාත්‍යවරයා පවසන්නේ ඉන්ධන ඉල්ලුම තවමත් ඉහළ යමින් පවතින බවයි.
2908 Views
Comments