විදුලි බල මණ්ඩලයට ඉන්ධන දෙන්නේ ඩොලර් දුන්නොත් විතරයි

විදුලිබල මණ්ඩලයට මින් ඉදිරියට ඉන්ධන ලබා දෙන්නේ ඩොලර් ලබාදුනහොත් පමණක් බව බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා විදුලිබල අමාත්‍යාංශයට දැනුම් දී ඇත.
ඒ අනුව මණ්ඩලයට අදින් පසුව ඩොලර් නොමැතිව ඉන්ධන ලබා නොදෙන බව බලශක්තිය අමාත්‍ය උදය ගම්මන්පිල මහතා අප කළ විමසීමකදී සඳහන් කළේ ය.
ඉන්ධන නොමැතිවීම හේතුවෙන්, විදුලිබල මණ්ඩලයේ බලාගාර කිහිපයක් ගිය සතියේ නතර වූ අතර, එය යථා තත්වයට පත්කර ගැනීම සඳහා ඩීසල් මෙට්‍රික් ටොන් තුන් දහසක් අවස්ථා දෙකකදී ලබාදී ඇතැයි කී ඇමතිවරයා ඩොලර් නොමැතිව මින් ඉදිරියට ඒ ආකාරයෙන් ඉන්ධන දිය නොහැකි බව සඳහන් කළේය.
627 Views
Comments