අවිශ්ක ප්‍රනාන්දුට සහ ජනිත් ලියනගේට කොවිඩ්

ශී‍්‍ර ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ආරම්භක පිතිකරුවෙකු වන අවිශ්ක ප්‍රනාන්දුට සහ එළඹෙන සිම්බාබ්වේ තරඟාවලිය සඳහා නම් කිරීමට සූදානම්ව සිටි ජනිත් ලියනගේට කොවිඩ් 19 ආසාදනය වී ඇත.
ඒ අනුව අදාළ තරඟාවලියට කී‍්‍රඩා කිරීමේ අවස්ථාව මෙම කී‍්‍රඩකයන් දෙදෙනාටම අහිමිවන බව වාර්තාවේ.
සිම්බාබ්වේ තරඟාවලිය සඳහා ජෛව ආරක්ෂිත බුබුලට කී‍්‍රඩකයින් ඇතුළත් කිරීමට පෙර සිදුකළ පීසීආර් පරීක්ෂණයේදී අවිශ්කට සහ ජනිත් ලියනගේට කොවිඩ් ආසාදිති බවට තහවුරු වී තිබේ.
නිමාවට පත්වුනු ලංකා පි‍්‍රමියර් ලීග් තරඟාවලියේදී දක්ෂතා දැක්වීමට සමත්වීම මත ජනිත් ලියනගේ සිම්බාබ්වේට එරෙහිව ශී‍්‍ර ලංකා කණ්ඩායමට කැඳවීමට නියමිතව තිබිණි.
699 Views
Comments