“බඩු මිල පහත හෙළනු” - සජබ විරෝධකරුවන් ජාඇල වීදි බසී

භාණ්ඩ මිල ඉහළ යෑම, ජනතාව පීඩාවට පත්වීම, ආණ්ඩුව රට වැරදි ලෙස කලමනාකරණය කිරීම යන චෝදනා නඟමින් සමගි ජන බලවේගය විසින් ජා-ඇල නගරයේදී උද්ඝෝෂණයක් හා විරෝධතා පෙළපාලියක් පසුගිය 08 වනදා සංවිධානය කර තිබුණි.
ඔවුන් විරෝධතා පුවරු, ගිනි පන්දම් අතැතිව සටන් පාඨ කියමින් ජා-ඇල නගරය පුරා පැයකට වැඩි කාලයක් ගමන් ගත් අතර ජා-ඇල සමගි ජන බලවේගෙයේ සංවිධායක නීතිවේදී ශිරන්ත අමරසේකර මහතා විසින් මෙම විරෝධතාව සංවිධානය කර තිබුණි.
ජා-ඇල නියෝජ්‍ය නගරාධිපති රුවින්ද අබේරත්න ඇතුලු සමගි ජන බලවේගයේ නියෝජිතයින් මෙම උද්ඝෝෂණයට එක්ව සිටියහ.
698 Views
Comments