JAN
10
ඖෂධ හිඟයක් නැහැ: ගබඩා කරගන්න එපා..!

රටේ කිසිදු අත්‍යවශ්‍ය ඖෂධයක හිඟයක් නැති හෙයින් අනවශ්‍ය ආකාරයට ඖෂධ නිවෙස්වල ගොඩගසා ගැනීමෙන් හෝ ගබඩා කිරීමෙන් වළකින්නැයි ඖෂධ නිෂ්පාදන සැපයුම් හා නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා ජනතාවගෙන් විශේෂ ඉල්ලීමක් කරයි .
රටට අවශ්‍ය ඖෂධ චීනයෙන් හා ඉන්දියාවෙන් ණය පහසුකම් යටතේ ගෙන එන හෙයින් ඖෂධ ගෙන්වීමට ඩොලර් පිළිබඳ ප්‍රශ්නයක් මතු නොවන බවද හෙතෙම සඳහන් කළේය.
674 Views
Comments