“යුද්ධය ඉවරකළා වගේම දූෂිතයනුත් ඉවර කරනවා” - සරත් ෆොන්සේකා

රටේ තියෙන විශාලතම දුර්භික්ෂය දූෂණය සහ අවභාවිතය බවත් යුද්ධය අවසන් කල ආකාරයෙන් මේවා නතර කර රට ගොඩනැගීමට තමන් කැපවෙන බවත් සමගි ජනබලවේගයේ ගම්පහ දිස්ත්‍රික් මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා සඳහන් කළේය.
සමගි ජන බලවේගයේ බද්දේගම ආසන බලමණ්ඩල රැස්වීමෙන් අනතුරුව මාධ්‍යයට අදහස් දක්වමින් ඔහු මේ බව පැවසීය.
වඳුරඹ නගර ශාලාවේදී මෙම රැස්වීම පැවැත්වු අතර එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ සරත් ෆොන්සේකා මහතා,
“දේශපාලනඥයන්ගේ නායකත්වයෙන් තමයි දූෂණය හා අවභාවිතය සිදුවන්නේ. මේවා නැතිකොට නීතිය අගයන,
ආරක්‍ෂාව තියෙන ජනතාවට ජීවත්වීමට හැකි පිරිසිදු රටක් බිහිකිරීම සඳහා මගේ උපරිම කැපකිරීම කරනවා.
යුද්ධ කරපු අයුරින් මෙදාපාර දූෂිතයන් සුද්ද කරනවා. දූෂණයට අවභාවිතයට පුරුදු වෙලා ඉන්න දේශපාලනඥයන් රජයේ සේවකයන් ජාවාරම්කරුවන් ව්‍යාපාරිකයන් ඇතුළු පිරිසක් රටට අහිතකර දේවල් කරනවා.
මේ රට ගොඩනැගීම සඳහා ඒ අය සුද්ද කළ යුතුයි.
713 Views
Comments