අද සිට දිවයින පුරා විදුලිය කැපේ
විදේශගත ඔබට
Latest_News
calendar
JAN
24

අද සිට දිවයින පුරා විදුලිය කැපේ

අද සිට දිවයින පුරා විදුලිය කැපේ

සපුගස්කන්ද ඇතුළු ප්‍රධාන විදුලි බලාගාර 4ක් ඉන්ධන නොමැති වීම හේතුවෙන් වසා දැමීම නිසා අද සිට දිවයින පුරා විදුලි කප්පාදුවක් කිරීමට සිදුවන බව විදුලිබල මණ්ඩල ඉංජිනේරු සංගමය පවසනවා.

 

ඒ අනුව අද දිනයේ පස්වරු 2ත් රාත්‍රිය 9ත් අතර පැයක කාලයක් විදුලිය විසන්ධි කෙරෙන අතර හෙට සිට පැය දෙකකට ආසන්න කාලයක් විදුලිය කප්පාදු කරනු ඇත.

 

ඉන්ධන නොමැතිවීම හේතුවෙන් මේ වන විට සපුගස්කන්ද බලාගාරය සම්පූර්ණයෙන්ම වසා දමා තිබෙනවා.

 

වරායෙහි ස්වාධීන පාවෙන විදුලි බලාගාරය ට ඉන්ධන ඇත්තේ තවත් දින එක හමාරකට පමණි.

 

උතුරු ජනනී විදුලි බලාගාරයට ඉන්ධන ඇත්තේ දින හතරකට පමණි.

 

යුගදනවි විදුලි බලාගාරයට ඇත්තේ දින 10කට ප්‍රමාණවත් ඉන්ධන පමණි.

 

කැලණිතිස්ස බලාගාරයේ ඇති ඉන්ධන ප්‍රමාණවත් වන්නේ  දින හතරකට පමණි.

views

1881 Views

Comments

arrow-up