එන්නත් නොගත් පුද්ගලයින් සොයා ලබන සතියේ සිට හමුදාව එයි

එළඹෙන සතියේ දී යුධ හමුදාව විසින් විශේෂ එන්නත් කරන වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබෙනවා.
ඒ අනුව දිවයින පුරා බූස්ටර් එන්නත ලබාදීමේ ජංගම මධ්‍යස්ථාන ක්‍රියාත්මක කරන බව යුද හමුදාපතිවරයා පැවසූවා.
ඔහු මේ බව පැවසූයේ දියතලාව ප්‍රදේශයේ කැමති වැඩසටහනට සහභාගි වීමෙන් අනතුරුවයි.
"පසුගිය සති තුන හතර කාල සීමාවේදී කොවිඩ් ආසාදිතයින්ගේ වැඩිවීමක් දක්නට ලැබෙනවා. මේ වන තෙක් බූස්ටර් එන්නතක් ලබාගැනීමට ක්‍රියා නොකරපු අපගේ ආදරණීය ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ හැකි ඉක්මණින් බූස්ටර් එන්නත ලබාගැනීමට ක්‍රියා කරන්න. ඒ සඳහා ජනාධිපතිතුමාගේ උපදෙස්වලට අනුව ශ්‍රී ලංකා යුද හමුදාව ප්‍රමුඛ ත්‍රිවිධ හමුදාව යොදවලා සෑම පුරවැසියෙකුටම එනනත් ලබාදීම සඳහා විශේෂ මධ්‍යස්ථාන අපි ආරම්භ කරනු ලැබුවා.
ඉදිරි සතිය 2ක තුළදී ජංගම ආකාරයෙන් පවා එන්නත් කිරීමට අපි බලාපොරොත්තු වෙනවා."
890 Views
Comments