JAN
23
සැදැහැ සිතින් ගංජා සහ මත් පෙති රැගෙන ශ්‍රී පාද වන්දනාවේ පැමිණි 27ක් අත්අඩංගුවට

ගංජා සහ මත් පෙති සමග හැටන් මාර්ගය ඔස්සේ ශ්‍රී පාද වන්දනාවේ පැමිණි පුද්ගලයින් 27 දෙනෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මොවුන් වයස අවුරුදු 18 සහ 30හි පසු වන්නන් වන අතර ඔවුන් ගාල්ල, කුරුණෑගල, සහ කොළඹ දිස්ත්‍රික්ක වල පදිංචිකරුවන් වනවා.
මේ වන විට ඔවුන් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඇප මත මුදා හැර ඇති බවයි වාර්තා වන්නේ.
835 Views
Comments