JAN
23
සපුගස්කන්දට පොඩි ප්‍රශ්නයක්

සපුගස්කන්ද තෙල් පිරිපහදුව ලබන 27 වනදා යළි ආරම්භ කිරීමට නොහැකිවුවහොත් ලංකා විදුලිබල මණ්ඩලයට දැවි තෙල් ලබාදීමට තවත් සති දෙකක පමණ කාලයක් ගත වන බව බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල පවසනවා.
මේ සම්බන්ධව අමාත්‍යවරයා සදහන් කළේ විදුලිබල මණ්ඩලයේ ඉල්ලීම මත අවශ්‍ය දැවි තෙල් තොග ආනයනය කිරීමට මේ වනවිටත් ඇණවුම් කර ඇති බවයි.
කෙසේවෙතත් ඇණවුම් කර ඇති එම දැවි තෙල් තොග දිවයිනට ලැබීමට නියමිතව ඇත්තේ පෙබරවාරි මස 09 වනදා බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.
333 Views
Comments