රැඳවියාව පහරදී මැරුවේ කවුද? නිලධාරීන් තිදෙනෙකුගේ වැඩ තහනම්
විදේශගත ඔබට
Latest_News
calendar
JAN
23

රැඳවියාව පහරදී මැරුවේ කවුද? නිලධාරීන් තිදෙනෙකුගේ වැඩ තහනම්

රැඳවියාව පහරදී මැරුවේ කවුද? නිලධාරීන් තිදෙනෙකුගේ වැඩ තහනම්

ඇබිලිපිටිය කදුරුගස් ආර එළිමහන් සිර කඳවුරේ රඳවා සිටි සිරකරුවෙකු පහරදී පහර දී ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් බන්ධනාගාර නිලධාරීන් තිදෙනෙකුගේ වැඩ තහනම් කර තිබෙනවා.

 

මෙලෙස මියගොස් ඇත්තේ වසර හතරක 4 ක සිර දඬුවමක් නියමව සිටි ලලිත් චාමින්ද හෙට්ටිගේ නැමති 49 හැවිරිදි පුද්ගලයෙකි.

 

සිද්ධිය සම්බන්ධයෙන් බන්ධනාගාර කොමසාරිස්, මාධ්‍ය ප්‍රකාශක චන්දන ඒකනායක මහතා මෙලෙස අදහස් දැක්වූවා.

 

"වසර 4ක සිර දඬුවමක් විඳිමින් සිටි චමින්ද හෙට්ටිගේ නමැත්තා මාතර බන්ධනාගාරයේ සිට කදුරුගස්ආර බන්ධනාගාරයට මාරු කර යැවීමෙන් අනතුරුව එහි කෘෂිකර්මාන්ත කටයුතුවල යෙදී සිටින අතරතුර පැන ගොස් තිබෙනවා. පසුව බන්ධනාගාර නිලධාරීන් විසින් ඔහුව රෝහල් ගත කිරීමෙන් අනතුරුව මිය ගොස් ඇති බව දැනගන්නට ලැබුණා."

"මේ පිළිබඳව චමින්ද හෙට්ටිගේ නමැත්තාගේ දියණිය මාධ්‍ය හමුවක් පවත්වා සිදුකළ ප්‍රකාශ සම්බන්ධයෙන් බන්ධනාගාර බුද්ධි අංශ නිලධාරියකු යටතේ පරීක්ෂණයක් පැවැත්වෙනවා."

"අද දිනයේ ඇයගේ ප්‍රකාශ සටහන් කිරීමෙන් අනතුරුව පරීක්ෂණ කටයුතුවලට බාධාවක් ඇති නොවන ලෙසට අදහස් කරමින් බන්ධනාගාර ජේලර්වරයක්, සැරයන්වරයෙක් සහ නියාමකවරයෙක් යන තිදෙනෙකුගේ වැඩ තහනමට ලක් කර තිබෙනවා."

"මෙවැනි දෑ සිදුවී තිබෙනවා නම් ඒ සම්බන්ධයෙන් කනගාටු වන අතර ඒ සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කිරීමට ද කටයුතු කරනවා."
 

views

830 Views

Comments

arrow-up