ශාන්තිකර්මයක් අතරතුර කාන්තාවක් මියයයි
විදේශගත ඔබට
Latest_News
calendar
JUN
18

ශාන්තිකර්මයක් අතරතුර කාන්තාවක් මියයයි

ශාන්තිකර්මයක් අතරතුර කාන්තාවක් මියයයි

ලග්ගල දාස්ගිරිය හත්තොටඅමුණ ප්‍රදේශයේ ශාන්තිකර්මයක් අතරතුරදී රෝගාතුර වූ කාන්තාවක් රෝහල් ගත කිරීමෙන් පසු මිය ගොස් තිබේ.

 

ලග්ගල දාස්ගිරිය ප්‍රදේශයේ නිවසක අසනීප තත්ත්වයෙන් පසුවූ කාන්තාවන් දෙදෙනෙකු හා පිරිමි පුද්ගලයෙකු සුවපත් කිරීම සඳහා ශාන්තිකර්මයක් පවත්වා තිබු අතර පෙරේදා සවස් කාලයේ සිට ඊයේ උදෑසන දක්වා එම ශාන්තිකර්මය පවත්වා තිබේ.

 

ශාන්තිකර්මය අතරතුර එය සිදුකළ තැනැත්තා විසින් වරින් වර මොවුන් තිදෙනාට තැඹිලි ගෙඩි 21ක බැගින් පොවා ඇති අතර එසේ සිදුකරන අතුරතුරදී මෙම කාන්තාව හදිසි අසනීප තත්ත්වයට පත්වූ පසු කහ දියරද බීමට සලස්වා ඇති බව පොලීසිය පවසයි.

 

ඉන්පසු රෝගී තත්ත්වය උත්සන්න වීම හේතුවෙන් මෙම කාන්තාව දාස්ගිරිය රෝහල වෙත ඇතුළත් කර වැඩිදුර ප්‍රතිකාර සඳහා දඹුල්ල රෝහල වෙත ඇතුළු කිරීමෙන් පසු ඊයේ මියගොස් ඇත.

 

එලෙස මියගොස් ඇත්තේ, 48 හැවිරිදි ගල්කිරියාගම ප්‍රදේශයේ පදිංචිකාරියකි.

 

දේහය පිළිබඳ පශ්චාත් මරණ පරික්ෂණය අද (18) දඹුල්ල රෝහලේදී සිදුකිරීමට නියමිත අතර ශාන්ති කර්මය සිදුකරන ලද 25 හැවිරිදි පුද්ගලයා පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

 

සිද්ධිය සම්බන්ධයෙන් ලග්ගල පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

views

255 Views

Comments

arrow-up