කෝටියක මුදල් වංචාවකට හිටපු එජාප මන්ත්‍රීවරියක් අත්අඩංගුවට
විදේශගත ඔබට
Latest_News
calendar
JUN
10

කෝටියක මුදල් වංචාවකට හිටපු එජාප මන්ත්‍රීවරියක් අත්අඩංගුවට

කෝටියක මුදල් වංචාවකට හිටපු එජාප මන්ත්‍රීවරියක් අත්අඩංගුවට

රුපියල් එක් කෝටි දාහතර ලක්ෂයකට ආසන්න මුදලක් වංචා කළ බවට ලැබුණු පැමිණිලි 11ක් සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂයේ හිටපු නාගරික මන්ත්‍රීවරියක් පිලියන්දල පොලිසිය විසින් සැකපිට අත්අඩංගුවට ගෙන තිබේ.

 

අත්අඩංගුවට ගත් හිටපු නාගරික මන්ත්‍රීවරිය පිලියන්දල ප්‍රදේශයේම පදිංචිකාරියකි.

 

මුදල් වංචා කිරීම සම්බන්ධයෙන් ලැබී තිබූ මෙම පැමිණිලි සම්බන්ධයෙන් විමර්ශනයක් පැවැත්වීමට මෙම හිටපු නාගරික මන්ත්‍රීවරියට පිලියන්දල පොලිසියේ පෙනී සිටින ලෙස දැනුම් දීමක් කර ඇති අතර ඒ අනුව ඇය පොලීසියට පැමිණ තිබේ. 

 

එහිදී මුදල් වංචා කිරීමේ සිද්ධීන් 11ට අදාළව විමර්ශනයක් පවත්වා හෙළි වූ කරුණු මත හිටපු නාගරික මන්ත්‍රීවරිය සැකපිට අත්අඩංගුවට ගත් බව උසස් පොලිස් නිලධාරියෙක් වැඩිදුරටත් පැවසීය.

 

අත්අඩංගුවට ගත් හිටපු නාගරික මන්ත්‍රීවරිය ගල්කිස්ස අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතය. 

views

226 Views

Comments

arrow-up