ජෙරම්ගේ බිරිඳ සහ දියණියන් ලංකාවට
විදේශගත ඔබට
Latest_News
calendar
JUN
03

ජෙරම්ගේ බිරිඳ සහ දියණියන් ලංකාවට

ජෙරම්ගේ බිරිඳ සහ දියණියන් ලංකාවට

බුදුදහමට අපහාස වන අයුරින් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් සිදුකළ බවට චෝදනා එල්ලවී සිටින දේවගැති ජෙරම් ප්‍රනාන්දුගේ බිරිඳ සහ දියණියන් දෙදෙනා මෙරටට පැමිණ සිටින බවට වාර්තා වේ.

 

ඔවුන් ඊයේ (02) රාත්‍රි 10.45ට පමණ කටුනායක ගුවන් තොටුපොලින් මෙරටට පැමිණ තිබේ.

 

සිංගප්පූරු ගුවන් සමාගමට අයත් ගුවන් යානයකින් ඔවුන් ලංකාවට පැමිණි බව ගුවන් තොටුපළ ආරංචි මාර්ග පවසයි.

 

දේවගැති ජෙරම් ප්‍රනාන්දු විසින් සිදුකළ ආන්දෝලනාත්මක ප්‍රකාශය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් පරීක්ෂණයක් ද ආරම්භ කර තිබේ.
 

views

255 Views

Comments

arrow-up